සියල්ලට ප්රථමයෙන් සරත් ෆොන්සේකා මහතා අතීතය සිහිපත් කර ගත යුතු බව එම සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ විධායක සභික නීතිඥ රජික කොඩිතුවක්කු මහතා කියා සිටියේය. අපරාධ නීතියට අනුව මාස 06 කට අධික කාලයක් සිර දඬුවම් ලැබුවහොත් එම පුද්ගලයාට මහජන ධූරයක් දැරිය නොහැකි අතර සරත් ෆොන්සේකා වසර දෙකක සිරදඬුවමින් පසු ජනාධිපති සමාව යටතේ එම බාධාව ඉවත් කර ගත් ආකාරය සරත් ෆොන්සේකා මහතාට මතකයේ තිබිය යුතු බවයි කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එදා ගත් තීන්දුව සුදුසු තීන්දුවක් නොවන බව දැන් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
නිශාන්ත ප්රියදර්ශන
0 comments :
Post a Comment