වනජීවී කලාප තුළ සිදුවන අපරාධ නවතන ලෙසත් පරිසර අමාත්‍යවරයා සහ වනජීවී අමාත්‍යවරයා මේ සඳහා මැදිහත්ව වනජීවී අපරාධ වලක්වන ලෙසත් ඉල්ලමින් ආරම්භ කර ඇති මෙම පෙත්සම හරහා මෙරට සිදුවන සත්ව හිංසනය, පරිසර විනාශය පිළිබඳව ජාත්‍යන්තර රටවල්, ආයතන දැනුවත් කිරීම ද සිදු කරන බව එම සංවිධානයේ සම්බන්ධීකාරක පරිසරවේදී, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
අද සිදුකළ කැබිනට් සංශෝධනයේදී වනජීවී ආමත්‍යවරයා ලෙස පත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් නව තනතුරේ වැඩ භාරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ඔබත් සත්ව හිංසනයට පිටුදකින්නේ නම්, පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඔබගේ සහයෝගය ද පෙත්සම සඳහා ලබා දෙන්න. ඒ සඳහා මෙතැනින් පිවිසිය හැකිය.
0 comments :
Post a Comment