ඔහු මේ වන විටත් වත්මන් ආණ්ඩුවේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. රාජ්ය හා පෞද්ගලික අංශයේ ආයතන ගණනාවකම ප්රධාන තනතුරු දරා ඇති දිනේෂ් වීරක්කොඩි මහතා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ හිටපු සභාපතිවරයා ද වේ.
හැටන් නැෂනල් බැංකුවේ වත්මන් සභාපතිවරයා වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා එළඹෙන 25 දින අදාළ තනතුරින් විශ්රාම යාමට නියමිත අතර දිනේෂ් වීරක්කොඩි මහතා මැයි 26 වැනි දින සිය නව තනතුරේ වැඩභාර ගැනීමට නියමිතය.
ආර්ථික විශ්ලේෂකයෙකු ලෙස ප්රකට දිනේෂ් වීරක්කොඩි මහතා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ "දේශපාලන චරිතාපදානය" රචනා කරමින් වික්රමසිංහ මහතාගේ දේශපාලන හා ආර්ථික දැක්ම සමාජගත කිරීමටද මැදිහත් වූවෙකි.
0 comments :
Post a Comment