ඔස්ට්‍රේලියානු අගරදගුරුවරයෙකු ළමා අපයෝජනයට වැරදිකරු වෙයි.

ඔස්ට්‍රේලියානු අගරදගුරුවරයෙකු ළමා අපයෝජනයට වැරදිකරු වෙයි.

මේ අනුව අගදරගුරු ෆිලිප් විල්සන්, මෙම චෝදනාවට වරදකරු වූ හෙවත් ළමා අපයෝජකයෙකු බවට තීන්දු වූ කතෝලික ලෝකයේ ජ්‍යේෂ්ඨතමයා බවට පත් වේ.

1970 දශකය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අල්තාරයේ සේවය සඳහා කැඳවා තිබූ පිරිමි දරුවන් අපයෝජනය කර එම සිද්ධි වසං කළ බවට මෙම අගදරගුරුවරයා හට චෝදනා එල්ල වී තිබිණි.

කතෝලික පල්ලිය විසින් මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නඩු තීන්දුව සම්බන්ධයෙන් තමන් නොසතුටට පත් ව ඇති බව සහ ඔහු වෙනුවෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලන බව ය.

නිව්කාසල් හි අධිකරණයකට පසුගිය මාසයේ කැඳවනු ලැබූ විට මෙම අගරදගුරුවරයා ප්‍රකාශ කර තිබුණේ ජේම්ස් ෆ්ලචෙර් නමැති කතෝලික පියනමකගේ ක්‍රියාකලාපයන් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව ය. මෙම පියනම, එකල අගදරගුරුවරයාගේ සහායකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. පසුව ජේම්ස් ෆ්ලෙචර්, 2004 වසරේදී ළමා අපයෝජනයන් ට වරදකරු වී සිරගත කළ අතර දෙවසරකට පසු සිරේදීම මරණයට පත් විය.

මෙම අඩිලෙයිඩ් අගරදගුරුවරයාට එරෙහිව චෝදනා නගමින් සාක්ෂි දීමට පැමිණ සිටි, එවකට 11 හැවිරිදිව සිටි අයෙක් පැවසුවේ පාපොච්ඡාරණය කිරීමේදී ද මෙම ජ්‍යේෂ්ඨ පූජකවරයා විසින් තමන්ව අපයෝජනය කළ බවයි.

67 හැවිරිදි ෆිලිප් විල්සන් අගරදගුරුවරයා දැන් 67 හැවිරිදි ය. ඔහු ඇලසයිමර් ස්නායු රෝගයෙන් පෙළන බව නොබෝදා සොයා ගැනිණි. මේ පදනම මත ඔහුගේ නීතීඥවරුන් අවස්ථා 4කදී මෙම නඩුව ඉවතට විසිකිරීමට උත්සාහ කළ ද අධිකරණය එයට ඉඩ තැබුවේ නැත.

කතෝලික ලෝකයට මහත් කැළලක් එක් කළ මෙම සිදුවීම මේ වන විට ජාත්‍යන්තර ශීර්ෂ පාඨ මවා ඇති අතර අගදරගුරුවරයාගේ දඬුවම ජූනි මාසයේදී ක්‍රියාවට නැංවෙනු ඇත. එය වසර 2 ක සිර දඬුවමකි.

කතෝලික පල්ලි ආශ්‍රිතව සිදුවන ළමා අපයෝජනය හෝ ළමා අපචාර පිළිබඳ සොයාබැලීම සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ රාජකීය කොමිෂන් සභාවක් පත් කර ඇත. මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ ඉහළම අධිකාරී බලය ඇති කොමිෂන් සභාව වන මෙය, Royal Commission into Institutional Responses to Child Sex Abuse යනුවෙන් හැඳින්වේ. ඔවුන් පසුගියදා අනාවරණය කළේ 1980 සිට 2015 අතර කාලය තුළ ළමා අපචාර සිදුවීම් 4400 කට කතෝලික පල්ලිය මුල් වී ඇති බවයි.

හංසනී සම්පත්

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment