සරත් ෆොන්සේකා මහතා පසුගිය 06 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති එජාප මැයි දින රැළිය අමතමින් ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් කරමින් සිදුකළේ බරපතල වැරැද්දක් බවයි. එජාප ඡන්දයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා රටට මෙන්ම එජාප පාක්ෂිකයන්ටත් ද්‍රෝහී වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
ඊයේ (07) රාත්‍රී එජාප හිටපු සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අමතා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ ෆොන්සේකා මහතා කට පරෙස්සම් කර නොගතහොත් අමාත්‍යධූරය නැවත ලබා ගන්නා බවයි.
'හැමෝම එපා කියද්දි මේ මනුස්සයාට ඇමතිකමක් දීපු එකේ විපාක තමයි මේ විඳින්න වෙලා තියෙන්නෙ. අඩුගානෙ මේ මනුස්සයා වැදගත් විදියට කතා කරන්නවත් දන්නෙ නෑ. එහෙම මිනිහෙකුට ගැලපෙන්නෙම වනජීවී එක වගේ අමාත්‍යංශයක්. අඩුගානෙ ඒකවත් හරියට කරයිද කියලා විස්වාසයක් නෑ.' යනුවෙන් ජනාධිපතිවරයා කේන්තියෙන් පවසා තිබෙනවා.
පසුගිය සමයේ එජාපය හා ජනාධිපතිවරයා අතර ඇති වූ ගැටලු හේතුවෙන් දෙපාර්ශ්වය අතර සබඳතා දුරස් වී ඇති අතර මලික් සමරවික්‍රම ජනාධිපතිවරයා හා සබඳතා පවත්වන එකම එජාප ඇමතිවරයා වී තිබේ. සිරිසේන මහතා සෘජුවම සමරවික්‍රම ඇමතිවරයා අමතන්නේ එබැවිනි.
ජනාධිපතිවරයා සමරවික්‍රම ඇමතිවරයාට දන්වා ඇත්තේ, ෆොන්සේකා මහතාට කට පරෙස්සම් කරගෙන සිටින්නැයි පවසන ලෙසයි.
නීතිය හා සාමය දුන්න නං අපිත් හිරේ
බොහෝ දෙනා ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබාදෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව සිහිපත් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ 'බැරිවෙලා හරි මේ මනුස්සයා නීතිය හා සාමය ඇමතිකමට පත් කළා නං මම විතරක් නෙවෙයි අගමැතිත් හිරේ දානවා. කොහෙවත් හිටපු එකෙක් පාර්ලිමේන්තුවට අරගෙන තව ඇමති මණ්ඩලේටත් පත් කළා. දැන් කෙලින්ම ඇටෑක් කරන්න එනවා. පළිගැනීම ඇරෙන්න මේ මනුස්සයා දන්න වෙන කිසි දෙයක් නෑ.' යනුවෙනි.
'හැබැයි මම නිකං ඉන්නෙ නෑ. තවදුරටත් කට ගහගෙන ආවොත් මම අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගන්නවා. මමයි කැබිනට් එකේ ලොක්කා. ඔය මනුස්සයා කට පාලනය කරගත්තෙ නැත්තං කැබිනට් එකෙන් එලවලා තමයි මම පස්ස බලන්නෙ.'
'වනජීවී එක දුන්නා වගේ නෙවෙයි, මට බය තියෙන්නෙ මේ යකා සත්තුන්ගෙනුත් දිගට හරහට පළි ගනීවිද කියලා' යනුවෙන් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා සමරවික්‍රම ඇමතිවරයා සමග සිදුකළ දුරකතන සංවාදය අවසන් කර තිබේ.
0 comments :
Post a Comment