ගම්පහ එජාප සංවිධායකයින් පත්කිරීමට ෆොන්සේකාගෙන් බලපෑම්.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පත්කිරීමට අදාළ ක්‍රියාවලියට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් බලපෑම් එල්ල කරමින් සිටින බවට වාර්තා වේ.
මහර ආසනයේ සංවිධායකධූරය දරන ප්‍රියශාන්ත ජයකොඩි මහතා දිගින් දිගටම අසාර්ථක වීම නිසා ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් දැඩි කනස්සල්ලෙන් පසුවන අතර එම තනතුර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉන්දික බණ්ඩාර මහතාට ලබාදිය යුතු බව පාක්ෂිකයින්ගේ ඉල්ලීම වී තිබේ. මෙම ඉල්ලීමට සවන්දුන් එජාප නව මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සහ එජාප ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති නමුත් ඊට එජාප කැළණිය ආසන සංවිධායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය දැඩි විරුද්ධත්වය පළකර තිබේ.
1996 වසරේ සිට එජාප සමාජිකයෙකු වශයෙන් කටයුතු කරන ඉන්දික බණ්ඩාර අකිල විරාජ් කාරියවසම් මහතා යොවුන් පෙරමුණු සභාපතිවරයාව සිටියදී එහි ලේකම්ධූරයද හොබවනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුතම දේශපාලනික පරාජයන් ලබමින් සිටියදී දිවා රාත්‍රි නොබලා වර්තමාන මහලේකම් අකිල විරාජ් කාරියවසම් සමඟ එක්ව ඔහු කල මෙහෙවර යොවුන් පෙරමුණේ සහ එජාපයේ සියලු දෙනා දන්නා කරුණක්.
2010 ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාපය විසින් ෆොන්සේකා මහතාව දේශපාලනිකව අතහැර දැමූ අවස්ථාවේදී එම තීරණය වැරදි බව පවසමින් ෆොන්සේකා මහතා ආරක්ෂා කිරීමට ඔහු සමඟ දේශපාලනයේ නියැලුණු ඉන්දික බණ්ඩාර මහතාට සරත් ෆොන්සේකා මහතා විසින්ම මෙලෙස වළ කැපීම පුදුම සහගත බව මහර එජාප පාක්ෂිකයින්ගේ මතය වී තිබේ.
කෙසේ වෙතත් මහර ආසන සංවිධායකධූරය හා සම්බන්ධ මෙම මතගැටුම සරත් ෆොන්සේකා මහතා සහ පාරම්පරික එජාප පාක්ෂිකයින් අතර ප්‍රභල මතගැටීමක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.
(දේශපාලන වාර්තාකරු)
0 comments :
Post a Comment