අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අද (10) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ගෙවුණු වසර තුන තුළ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් බොහෝ වැඩකොටසක් කර ඇති බවයි. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර දෙස බැලීමෙන්ම එය තහවුරු කර ගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විවිධ හැලහැප්පීම් මැද මෙම ජාතික ආණ්ඩුව ඉදිරියට යාම තුළ ප්රතිලාභ අත්වන්නේ ජනතාවට බව තේරුම්ගත යුතු යැයිද කාරියවසම් මහතා අවධාරණය කළේය.
මේ අතර විපක්ෂයට ලබා දෙන ඉඩ මෙන්ම ආණ්ඩු පක්ෂයටත් ලබා දෙමින් ප්රවෘත්ති සමබර කර දෙන ලෙසද අමාත්‍යවරයා මාධ්‍යයෙන් ඉල්ලීමක් කළේය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment