ගෝඨාභය රාජපක්ෂ මහතා මිලිටරි නායකයෙකු වන බැවින් මහජන ඡන්දයෙන් පත්වන නායකත්වයක් සඳහා ඔහු සුදුසු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ මිලිටරි ක්‍රමයක් අනුගමනය කළ බවත් එවැනි පුද්ගලයෙකු ජනාධිපති තනතුරට නොගැලපෙන බවත් වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා 2020 සඳහා සිය ප්‍රචාරක මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති අතර එහි පෙරමුණු සටන් බලවේගය වන්නේ 'වියත් මග' සංවිධානයයි. ඔහුගේ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරන්නේ අවසන් යුද සමයේදී ඔහු සමග කටයුතු කළ හමුදා නිලධාරීන්ය. යම් හෙයකින් ගෝඨාභය ජනාධිපති තනතුරට පත්වුවහොත් එම නිලධාරීන් රජයේ ප්‍රධානීන් වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වඩා මිලිටරි පාලනයක ස්වභාවයක් උසුලනු ඇත.
වාසුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එම භයානක තත්ත්වයයි.
මේ හරහා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකු ලෙස භාරගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් පවා සූදානම් නොමැත. වෙනත් අරමුණු සහිතව හෝ හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ බහුතරය ද ගෝඨාභයගේ නායකත්වය පිළිගැනීමට සූදානම් නොමැති අතර ඒ සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ ඉඟි පළකර තිබේ.
UN
0 comments :
Post a Comment