පුරුදු පරිදි පසුගිය දිනෙක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් මුල් කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට දුරකථනයෙන් කතා කර යම් දෝෂාරෝපණයක් කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (28) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසීය.
ජනාධිපතිවරයා යම් වේදනාවකින් කතා කළ අතර ජනාධිපතිවරයා ලෙස තමන්ට ඇතැම් දේවල් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි වූ කාරණා පිළිබඳව යම් පැහැදිලි කිරීමක් රන්ජන් රාමනායක මහතා වෙත කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් රන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ එකී කාරණා සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළිදරව් කළ හැකි බවයි. ඊට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ "ප්‍රශ්නයක් නැහැ ඔයා කියන්න මටත් ඕනේ මේවා කොතනින් හරි විසඳගන්න" යනුවෙනි.
"ඔයා කියන විදිහට මටත් මහතීර් මොහොමඩ් කෙනෙක් වෙන්න තිබුණා එහෙම බලාපොරොත්තුවක් මට තිබුණා නමුත් එය වළක්වපු කෙනෙක් සහ කණ්ඩායමක් ඉන්නවා" - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දී තිබුණේ එලෙසය.
කෙසේවෙතත් නුදුරේදීම මේ තත්ත්වයන් පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කළේය.
මේ, ඒ ගැන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා කී කතාව,
0 comments :
Post a Comment