රාජ්‍ය අමාත්‍යවරයා අද (10) පෙරවරුවේ පල්ලමදී සෙන්ගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් පළමු පස් පිඩැල්ල කැපීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රංගේ බණ්ඩාර මහතා,
"එදා පුත්තලමට සාගර විශ්වවිද්‍යාලය ගේන්න හැදුවා. එයට කැබිනට් ඇමති මහින්ද සමරසිංහ විරුද්ධ වුණා. පුත්තලමට කාර්මික විද්‍යාලය ගේන්න යද්දීත් මහින්ද සමරසිංහ ඇමතිවරයා විරුද්ධ වුණා, කැබිනට් පත්‍රිකාව දැම්මේ නැහැ, අන්තිමට ඉනේ ගහගෙන තිබුණු පිස්තොලේ අදින්න සිද්ධ වුණා. එහෙම තමයි මේ කාර්මික විද්‍යාලය පුත්තලමට ගෙනාවේ. එහෙම අපේ සමහර උදවිය අපිට වැඩ කරන්න දෙන්නේ නැතුව ගියා. මොකද මම රාජ්‍ය ඒ අය කැබිනට්.
අපේ දිස්ත්‍රික්කයට කුණු එනවා නම්, අපේ දිස්ත්‍රික්කයට ගල් අඟුරු එනවා නම් ඒ ගල් අඟුරුවල අළු ටික කලපුවට යනවා නම්, මුහුදට යනවා නම් අපේ ජන ජීවිතයට හානියක් වෙනවා නම් එතැනදී මගේ ජනතාව වෙනුවෙන් මම පෙනී හිටියේ නැත්නම් මම නායකයෝ වෙනුවෙන් පෙනී ඉඳලා වැඩක් තියෙනවද. මට කතිරේ ගහලා තියෙන්නේ නායකයෝ නෙමෙයි. මට කතිරේ ගහල මනාපයක් දීලා තියෙන්නේ මගේ දිස්ත්‍රික්කයේ ජනතාව.
ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් යුතුකමක් හා වගකීමක් තියෙනවා. ඒක පැත්තකින් සංවර්ධනය ගේනවා වගේම අනික් පැත්තෙන් ඒ අය වෙනුවෙන් පෙනී හිටීම හා ආරක්ෂා කිරීම. ඒ නිසා තමයි අපි ප්‍රතිසංවිධාන කරන්න ඕනෑ කියලා කිව්වේ. "
ප්‍රසාද් ජයමාන්න - පුත්තලම
0 comments :
Post a Comment