ජාත්‍යන්තර පාසල් නියාමනයට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර පාසල් නියාමනයට කැබිනට් අනුමැතිය
ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා නව නීති රාමුවක් ගෙන ඒමට යෝජනා වී ඇති අතර දැනට පවතින ජාත්‍යන්තර පාසල් පනත යටතේ එම පාසල් ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
 
නව නීති රීති සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම, ගුරුවරුන් සඳහා පුහුණුව අනිවාර්ය කිරීම, සිංහල-දෙමළ භාෂා සඳහා සහ ඉතිහාසය, ආගම යන විෂයයන් සඳහා විෂය නිර්දේශ සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම අදාල කැබිනට් අනු කමිටුවට පැවරෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment