අශෝක පීරිස් මහතා මෙම අදහස් පළකළේ වෙනසක ඇරඹුම සංවිධානය අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
මෙරට රාජ්‍ය ව්‍යූහය විධායක ජනාධිපතිධූරය වටා ගොඩනැගී ඇති බැවින් එය මහජන හිතකාමී, මහජන මිතුරු රාජ්‍ය ව්‍යූහයක් නොවීම දැන් තිබෙන ප්‍රධානතම ගැටලුව බවත් වසර පහෙන් පහට ආණ්ඩු මාරු කිරීමෙන් එයට පිළියම් යෙදිය නොහැකි බවත් අශෝක පීරිස් මහතා පවසයි. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමෙන් රට අස්ථාවර වන බව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට එරෙහි පාර්ශ්වයේ ප්‍රධාන තර්කය බව පෙන්වා දුන් ඔහු විමසා සිටින්නේ විධායක ජනාධිපතිධූරය තිබියදී දැන් රට ස්ථාවර වී තිබෙන්නේද යන්නයි. ස්ථාවර රටක් බිහි වී ඇත්නම් රටේ ජන ජීවිතය යහපත් වියයුතු බවත් එහෙත් වර්තමානය වනවිට මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් මන්දපෝෂයෙන් පෙළෙන බවත් අශෝක පීරිස් මහතා පෙන්වා දෙයි. මීට අමතරව විවිධ සමාජ ප්‍රශ්න ඔඩුදුවා ඇත්තේ රට අස්ථාවර වී ඇති නිසා බවත් විධායක ජනාධිපතිධූරය අහෝසි වීමෙන් රට අස්ථාවර වන බවට ගොඩනගන තර්කයෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
තවදුරටත් අදහස් දැක්වූ අශෝක පීරිස් මහතා,
'තිස් වසරක් පුරා දිවගිය යුද්ධය ආරම්භ වුනේ විධායක ජනාධිපතිධූරය තියෙද්දිම තමයි. දූෂණය වංචාව ඉහවහා ගිහින්. ඉතිං කොහොමද රට ස්ථාවරයි කියන්නෙ.'
'වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා ප්‍රතිඥා දෙමින් බලයට පැමිණ නැවත වරක් බලයට පැමිණිමේ අපේක්ෂාවෙන් කටයුතු කරන බවයි පෙනී යන්නේ. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතයි. හැබැයි කෙටුම්පතවත් නොදැක සමහරු ඒකට විරුද්ධ වෙනවා.'
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ප්‍රවීන ලේඛක ගුණසේන විතාන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් යන මහත්වරුද මෙම මාධ්‍ය හමුව අමතමින් කරුණු දැක්වූහ.
0 comments :
Post a Comment