ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් පිරිස මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපන පේමසිරි නායක හිමියන් බැහැ දැක උන්වහන්සේ වෙත තමන් ගත් තීරණය පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා,
"එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව මධ්‍යම කාරක සභාවේදී අපි ජනාධිපතිවරයා වෙත සඳහන් කළා. අපේ අවුරුදු දෙකක කාලය නිමාවට පත්ව දැන් මාස කිහිපයක් ඉක්මවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත වරින් වර අපි හිටියා. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දී ආණ්ඩුවේ රැඳී සිටීමට කිසිදු අපේක්ෂාවක් අපේ නැහැ. අමාත්‍ය ධුර, වාහන භාරදී කාර්යයමණ්ඩල ඉවත්කර ගෙන අපිට ඉවත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදපු, රට පාලනය කළ අභිමානවත් ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. ඒ පක්ෂයේ සිට පක්ෂය වෙනත් මානයක් කරා ගෙන යාමට අපි ඉඩ දෙන්නේ නැහැ. වෙනත් පක්ෂයකට අපේ මධ්‍යම කාරක සභාව මෙහෙයවන්න බැහැ. පක්ෂයේ ඉඳගෙන වෙනත් පක්ෂයක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන යාම වැළැක්විය යුතුයි."
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment