විල්පත්තුව ගැන හොයන්න රිෂාද්ගෙ සහය ෆොනීට...


විල්පත්තු රක්ෂිතය තුළ මුස්ලිම් ජාතිකයන් පදිංචි වී සිටී නම්, ඔවුන් ඉවත් කිරීමට තමාද වනජීවි ඇමැතිවරයාට සහයෝගය දක්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එබැවින් විල්පත්තු රක්ෂිතය කපා දමා, මුස්ලිම් මිනිසුන් එහි පදිංචි කරවන බවට ගෙන යන ප්‍රචාර පිළිබඳව සොයා බලන ලෙස තමා වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කියා සිටී.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවැසීය.

විල්පත්තුව සම්බන්ධයෙන් ඇතැම් ජාතිවාදී කණ්ඩායම් බොරු ප්‍රචාර සමාජගත කරමින් සිටින අතර ඒවායේ සත්‍ය අසත්‍ය බව සොයා බලන ලෙස සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
යුද ගැටුම් නිසා සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ වැසියන් අප්‍රමාණව දුක් විඳි බවත්, යුද්ධය අවසන් වූ පසු ඔවුන් තමන්ගේ මුල් ගම්බිම්වල පදිංචියට ගිය බවත් ඔහු පෙන්වා දුන්නේය. ඔවුන් නැවත පදිංචි කිරීමට තමන්ට යුතුකමක් තිබෙන බවත්, එය බලා සිටීමට නොහැකි වූ ජාතිවාදී පිරිස් මෙවැනි චෝදනා එල්ල කරන බවත් අමාත්‍යවරයා කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment