හිටපු අගමැතිගේ ගෙදර බිත්තියෙන් අද දින පොලිසිය සොයා ගත් රහසිගත දේපළ (වීඩියෝ සහිතයි)

හිටපු අගමැතිගේ ගෙදර බිත්තියෙන් අද දින පොලිසිය සොයා ගත් රහසිගත දේපළ (වීඩියෝ සහිතයි)
ආචාර්ය මහතීර් මොහොමඩ් V වැනි සුල්තාන් මුහමද්  රජු ඉදිරියේ ඊයේ (10) අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව  මහජන කැමැත්තෙන් පත්වූ ලොව වයස්ගතම (92) අගමැතිවරයා ලෙස වාර්තා අතරට එක්වන විට අනෙක් පසින් පිබිදෙන මැලේසියාව පළමු පියවර තබා ඇත්තේ හිටපු අගමැතිගේ වස් දොස් දුරුකරමිනි. 
 
අද දිනය වන විට හිටපු අගමැති නජීබ් රසාක්ගේ තරම රටට පමණක් නොව ලෝකයටම අනාවරණය කිරීමට මැලේසියානු "අපේක්ෂාවේ සන්ධානයට" හැකි වී තිබේ. ඒ නජීබ් රසාක් සතුව සඟවා තිබූ ඔහුගේ දේපළ සොයා ගැනීමට මැලේසියානු ආරක්ෂක අංශ වලට හැකි වීමෙනි. ඒ අනුව හිටපු අගමැතිවරයා සතු නිවසක ගබඩා කාමරයේ බිත්ති තුළ සඟවා තිබූ විශාල මුදල් කන්දරාව සහ රත්රන් අතුළු දේපළ සොයා ගෙන ඇත. 
 
mahathir 1මැලේසියාව තුළ අපේක්ෂාවේ සන්ධානය එලෙස පිබිදෙන අතර ආචාර්ය මහතීර් මොහොමඩ් සම්බන්ධ නොයෙක් කතා පුවත් විදෙස් මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යමින් තිබේ. ඒ අතර  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආචාර්ය මහතීර් මොහොමඩ් සමඟ සිදුවූ රහසිගත හමුවක් පිළිබඳව මැලේසියානු මාධ්‍ය ඊයේ දවසේදී වාර්තා කොට තිබුණේ ඡායාරූප දෙකක්ද සමඟිනි. 
 
මෙම හමුව සිදුවී ඇත්තේ 2016 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මලයාසියානු නිල රාජ්‍ය සංචාරය අතරතුරදීය. ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැඳී සිටි කාමරයේදී මෙම හමුවීම සිදුව ඇත. අදාළ  මාධ්‍ය වාර්තා කරන්නේ එවකට පැවති නජීබ් පාලනය විසින් මහතීර් මොහොමඩ් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ හමුව සිදු නොවීමට සැලසුම් ක්‍රියාත්මක කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැඳී සිටි හෝටලය අවට මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ චරපුරෂයන් පුරා පැය 24 තුළ යොදවා තිබූ බවත්ය. 
 
mahathir 2කෙසේ වුවත් මෙම හමුව සිදුවී ඇත්තේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාද නොදැනුවත්ව බව අදාළ  මාධ්‍ය වාර්තා කොට තිබුණි. 
 
ජනාධිපතිවරයා රැඳී සිටි  කාමරය තුළ එම හමුව සිදුව ඇති අතර එහිදී විශේෂයෙන් සාකච්ජාවට ගැනී ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වූ ජනවාරි 08 පෙරළිය පිළිබඳවය. එහිදී පැවති රාජපක්ෂ පාලනය තුළ උඩු දුව තිබූ වංචාවට, දුෂණයට එරෙහිව මෛත්‍රීපල සිරිසේන මහතා   ශ්‍රී ලංකාව තුළ ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව සැකෙවින් සාකච්ජා කර ඇති අතර එමඟින් ආචාර්ය මහතීර් මොහොමඩ් ද සිය මැතිවරණ ව්‍යාපාරයට  යම්  යම් කාරණා එකතුකරගන්නට ඇතැයි එරට මාධ්‍ය විශ්වාසය පළ කර තිබේ.  
 
මේ වන විට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වත්මන් මැලේසියානු අගමැතිවරයා  සමඟ ඉතා සමීප  පෞද්ගලික සමබන්දතාවයක් ඇති බව මාධ්‍ය වාර්තා කරන අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සිය ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් ඔස්සේ මහතීර් මොහොමඩ් මහතාට  සුභ පතා ඇත. 
 
මේ අතර  2017 ජනවාරි 08 දෙවසරක ජයග්‍රණය සැමරීම නිමිත්තෙන් මහතීර් මොහොමඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා  අපේක්ෂාවෙන් සිටි නමුත්  ඒ සඳහා විදේශ  කටයුතු අමාත්‍යංශය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර නොමැති බවද  වාර්තා වී තිබේ. 
 
ආශිකා බ්‍රාහ්මණ 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment