උඩවත්ත, වැන්ඩසේ, කසුන් රාජිත ටෙස්ට් කණ්ඩායමට කැඳවයි

උඩවත්ත, වැන්ඩසේ, කසුන් රාජිත ටෙස්ට් කණ්ඩායමට කැඳවයි
ආබාධයට ලක්ව සිටින දිමුත් කරුණාරත්න වෙනුවට උඩවත්ත කණ්ඩායමට කැඳවා ඇති අතර ඔහු පළමු වරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වූයේ 2008 වසරේදීය. 2009 වසරේට පසුව මහේල උඩවත්ත නැවත 2017 වසරේදී 20/20 කණ්ඩායමට කැඳවුවද ඔහුට පිත්තෙන් සාර්ථකවීමට නොහැකි විය.
 
පසුගිය පළාත් සිව්දින තරගාවලියේදී දැක්වූ දස්කම් මත ඔහු ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ.
 
මීට අමතරව වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ද පළමු වරට ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ. දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර වැන්ඩසේ කැඳවා ඇත්තේ ලක්ෂන් සඳකැන් වෙනුවටයි.
 
ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් සංචිතයට කැඳවා ඇතත් ඔවුන් දෙදෙනා තවමත් සිටින්නේ පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් නොවේ.
 
තරග තුනකින් සමන්විත කොදෙව්-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ජුනි 06 වැනිදා ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භ වන අතර කැරිබියන්හි පැවැත්වෙන තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. ටෙස්ට් තරගාවලියට පෙර තෙදින පුහුණු තරගයක් ද පැවැත්වීමට නියමිත වේ.
 
කොදෙව් තරගාවලිය සඳහා නම්කළ ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), මහේල් උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment