මෙම මරණ පරීක්ෂණ වාර්තා අනුව මෙය අනාරක්ෂිතව සිදුකළ පුහුණුවීමක් නිසා සිදුවූ මරණයක් බව පැහැදිලිය. කඹයෙන් වැටීමේදී හිස් ආවරණයක් හෝ අවශ්‍ය ආරක්ෂිත උපාංග ප‍්‍රමිතියෙන් නොතිබූ ආයතනයකට අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පුහුණුව භාර දී තිබුණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කඩිමුඩියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරන ලද්දේ පරීක්ෂණයක් සිදු කර අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් 7 ක් සිද්ධියට වගකිව යුතු බවයි. මෙහිදී මානව සම්පත් අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ස්ථාන මාරු කළ අතර, වගකිව යුතු අතිරේක ලේකම්වරු ඇතුළු සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.
මෙම මරණය සම්බන්ධයෙන් මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයාට වන්දි මුදලක් හෝ ලබාදී නොමැති අතර සිදුව ඇත්තේ ඔවුන් දිගින් දිගටම රැවටීම පමණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඍජුවම වගකිව යුතු බැවින් අදාළ විදුහල්පතිනිය මෙලෙස අනාරක්ෂිත පුහුණුවකට යෙදවූ නිලධාරීන් සම්බන්ධයෙන් හා එවැනි පුහුණුවක් පැවැත්වීමට තීරණ ගත් අය සම්බන්ධයෙන් විධිමත් විනය පියවර ගෙන නැත.
එසේම මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සෙසු කිසිදු කෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර නැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු වී නැත. මේ තත්වය තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස ලංකා ගුරු සංගම බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
0 comments :
Post a Comment