උදෑසන 09 ට පමණ එහි කඩාවැදුණු වැලිගම ප්‍රාදේශීය සභා සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුළු පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් බලහත්කාරයේ පාලම විවෘත කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පාලම විවෘත කිරීමේ උත්සවය සඳහා තමන්ට ආරාධනා කර නොමැති බවයි.
පොලීසිය මැදිහත් වී කලහකාරී පිරිස විසුරුවා හැර ඇති අතර කලහකාරී ලෙස හැසිරුණු වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කෙසේ වෙතත් මෙම පිරිසට නායකත්වය ලබාදුන් ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර නොමැත.
කලහකාරී තත්වය මැඩපැවැත්වීමෙන් පසුව එහි පැමිණ ඇති අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පාලම නිළ වශයෙන් විවෘත කෙරිණි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
0 comments :
Post a Comment