විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාට අපි විරුද්ධයි - JHU

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාට අපි විරුද්ධයි - JHU

ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට යෝජනා නොකොට ජනාධිපති ක්‍රමය පමණක් වෙනස් කිරීමෙන් ඉතාම භයානක ප්‍රථිපල අත්විදීමට සිදුවිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ඡන්ද ක්‍රමය හා ජනාධිපති ක්‍රමය අනුපූරක බවයි හෙතෙම කියා සිටියේ.

වර්තමානය වන විටත් පවත්නා දේශපාලන පිල්මාරු වැනි සිදුවීම් හමුවේ සුළු පිරිසකට බලය හිමි වීමෙන් රට තුළ කුමන තත්ත්වයක් උද්ගත වේදැයි විශ්වාස කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව කළ යුත්තේ හරයාත්මක ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සියලු දෙනාගේ එකඟතාව ලබා ගැනීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ උප සභාපති විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කියා සිටියේ රට ස්ථාවරව පවත්වා ගෙන යාමට නම් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය බවයි.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment