SAF ක්‍රීඩා උළෙලේදී කනිෂ්ඨයින්ගෙන් නව වාර්තා 08 සමඟින් පදක්කම් 41 !

SAF ක්‍රීඩා උළෙලේදී කනිෂ්ඨයින්ගෙන් නව වාර්තා 08 සමඟින් පදක්කම් 41 !
දකුණු ආසියා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දින ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඔවුන් නව තරඟ වාර්තා 12ක් වාර්තා කිරීමට සමත් විය. ඉන්දියාව රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 22 ක් හා ලෝකඩ පදක්කම් 08 ලෙස සමස්ත පදක්කම් 50 ක් දිනා ගැනීමට සමත් විය.
 
තරඟාවලිය ආරම්භවීමට ප්‍රථම ශ්‍රීලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉලක්කය වී තිබුණේ තරඟ ඉසව් 32කින් රන් පදක්කම් 10 ක් දිනා ගැනීම වුවත් එම ඉලක්කයට අමතරව තවත් රන් පදක්කම් 02 ක් ජයගැනීම ශ්‍රීලංකා ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු අනිල් වීරසිංහ මහතාගේ අදහසයි.
 
කෙටි දුර ධාවන ඉසව්වල කලාපීය ශූරයන් බවට පත්වීමට ශ්‍රීලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර ඔවුන් එම දක්ෂතාව දැක්වූයේ මීටර් 200 කාන්තා, මීටර් 200 පිරිමි, මීටර් 400 කඩුළු පිරිමි, මීටර් 800 පිරිමි, මීටර් 800 කාන්තා, මීටර් 400 X4 කාන්තා හා මීටර් 400 X4 පිරිමි යන ඉසව්වලදී නව සාෆ් වාර්තා 04 ක් සමගින් රන් පදක්කම් 07 ක් දිනා ගනිමිනි. 
 
මේ අතර මෙම ක්‍රීඩා උළෙලේ ශ්‍රීලංකාවේ රන් පදක්කම් අපේක්ෂිත ඉසව් අතරින් මීටර් 100X4 පිරිමි, උස පැනීම හා දුර පැනීම කාන්තා ඉසව් තුනෙන් රන් පදක්කම් කරා යාමට අපොහොසත් වීම අවාසනාවක් බවත්, පහසුවෙන්  ජයගතහැකිව තිබූ මීටර් 100 X4 තරඟයේ දෙවැනි යෂ්ඨි හුවමාරුව අසාර්ථක වීම ඉතා කැපී පෙනුණු බවත් ශ්‍රීලංකා කණ්ඩායම් කළමණාකරු වීරසිංහ මහතාගේ අදහසයි.
 
මේ ශූරතාවලියේ රන් පදක්කම් දිනාගෙන දැක්වූ දස්කම් අනුව මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අකුරම්බොඩ වීර කැප්පෙට්ටිපොල මහා විදුහලේ අරුණ දර්ශන, මීටර් 400 හා මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව නියෝජනය කළ කුරුණෑගල මලියදේව විදුහලේ පී. එම්. එල්. කොඩිකාර, මීටර් 400 හා මීටර් 800 නියෝජනය කළ දිල්ෂි කුමාරසිංහ ලබන ජූලි මාසයේ පින්ලන්තයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.
 
2013 දී අවසන් වරට ඉන්දියාවේදී පැවැති දකුණු ආසියා කනිෂ්ඨ මළල ක්‍රීඩා  ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් 14 ක් දිනාගත් අතර මෙවර ශූරතාවලියේදී ඔවුන් ක්‍රීඩාවේ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇත. 
 
ආශිකා බ්‍රාහ්මණ
 
සේයා රූ - thepapare.com වෙබ් අඩවියෙන්...
 
sayg 1
sayg 2
sayg 3
sayg 4
sayg 5
sayg 6
sayg 7
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment