සැප්තැම්බර් 2 වනදා මෛත්‍රී හවුල් ආණ්ඩුවෙන් ඉවත්වන කතාව


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වෙනි සංවත්සරය යෙදෙන මෙම සැප්තැම්බර් 02දා වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟි පළ කර ඇතැයි
තිලංග සුමතිපාල හිමිකාරත්වය යටතේ පළවන ලක්බිම ඉරිදා පුවත්පත

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමින් සඳහන් කර තිබේ.
 පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  රටේ තුන්වෙනි බලවේගය බවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය  සමග සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නිසා බවත් ඉන් කලකිරුණු බිම් මට්ටමේ පාක්ෂිකයන් පක්ෂයෙන් ඈත් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ප්‍රකාශ කර තිබිමද මෙහිදී මතු කර තිබෙන අදහසකි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ජයග්‍රහණය කිරීමට නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර  ඇති බවත්
පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02දා වන විට ආණ්ඩුවෙන් ඉවත් වන බව ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඉඟි පළ කළ බවත් එම ආරංචි මාර්ගදක්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment