නකල්ස් ආශි‍්‍රතව කිසිදු පරිසර හානියක් නැහැ.: රංජිත් අලුවිහාරේ




ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදුකරන බව සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මැතිතුමා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යතුමන් මෙම අදහස් පලකලේ අද (17) දින අස්ගිරි මහා විහාරයට පැමිණ  අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශි‍්‍ර ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යතුමන්,

"නකල්ස් කඳු පන්ති ආශි‍්‍රතව පරිසර හානියක් සිදුවනවා කියන කතා සම්පුර්ණ බොරුවක්. මේ හදන්නේ දේශපාලන වාසි ලබාගන්න. ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදුකරනවා. වතුකරයේ සිටින කම්කරු ජනතාවට නිවාස සෑදිමට අප රජයෙන් පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදෙනවා. ඒ ඒ කොට්ඨාශවල වතු ආශ‍්‍රිතව තමයි එම ඉඩම් ලබාදෙන්නේ. නකල්ස් කඳු පන්තිය ඒ කොට්ඨාශ වලට අහුවන්නේ නැහැ. මේක සම්පුර්ණ බොරු ප‍්‍රචාරයක්. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට මඩ ගැසිමේ අරමුණින් තමයි මෙවැනි ප‍්‍රචාර සිදුවන්නේ. මම නියෝජනය කරන්නේ මාතලේ දිස්ති‍්‍රක්කය. මාතලේ දිස්ති‍්‍රක්කයෙන් තමයි ඒ ඒ කම්කරුවන්ට  පර්චස් 07 බැගින් ඉඩම් බෙදන්නේ. ඔය කියන විදිහේ කිසිම පරිසර හානියක් සිදුවන්නේ නැහැ ඒක සම්පුරණ බොරුවක්." 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment