පෞද්ගලික ආයතන කරන ව්‍යාපෘති විමර්ශනය කිරීමට සූදානමක්

රජයේ බදු මුදල්වලින් පෞද්ගලික අංශයේ ආයතන සිදුකරන ව්‍යාපෘති ගැන විමර්ශනය කිරීමේ බලය සහ විමර්ශන පිළිබඳ විශේෂඥයන් බඳවා ගැනීමේ බලයලබාදෙන ලෙස ඉල්ලමින් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර
තිබේ.
කෝප් කමිටුව විසින් සිදුකරන විමර්ශන තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බව එහි සාමාජිකයකු  පැවැසීය.
ජනතා බදු මුදලින් ගනුදෙනු කරන රාජ්‍ය ආයතන පිළිබඳ සොයා බැලීමේ සෘජු අයිතිය කෝප් කමිටුවට තිබුණද එම ආයතනවලින් ගනුදෙනු කරන

පෞද්ගලික ආයතන කැඳවීමේ බලයක් නොමැති නිසා ඇතැම් පරීක්ෂණ අවසානයේ යම් තැනක නතර වන නිසා ගැටලුවක් පැන නඟින බවද අදාළ කමිටු සාමාජිකයන් කීවේය.
බදු මුදල්වලින් ව්‍යාපෘති කිරීම සඳහා තෝරා ගන්නා පෞද්ගලික ආයතනය සහ ව්‍යාපෘති පමණක් මෙසේ අධීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බව කෝප් කමිටු සභාපතිවරයා කථානායකවරයාගේ දැඩි අවධානය යොමුකර ඇත.
එසේ වුවහොත් රාජ්‍ය ආයතන එම පෞද්ගලික අංශයේ ආයතනද සම්බන්ධ කර ගනිමින් පවත්වන වංචා දූෂණ සොයා ගැනීමේ හැකියාව කෝප් කමිටුවට හිමිවන බවද කෝප් කමිටු සභාපතිවරයා කථානායකවරයාගේ අවධානය යොමුකර තිබේ.

කෙසේ වෙතත් ඉදිරි කාලය තුළ කෝප් කමිටුව විසින් සිදුකරන විමර්ශන තව තවත් වේගවත්ව සිදුකිරීමටද සභාපතිවරයා මේ දිනවල කටයුතු කරන බව ඉහත කෝප් කමිටු සාමාජිකයා වැඩිදුරටත් පැවැසීය.

රුචිර දිලාන් මධුසංඛ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment