දුරකථන බාරදෙන්නැයි වැලිකඩ සිරකරුවන්ට නිවේදන.
වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයෙහි සිරකරුවන් ජංගම දුරකථන භාවිතකරන්නේ නම්, වහාම එම ජංගම දුරකථන සහ සිම්කාඩ්පත් බන්ධනාගාර නිලධාරීන්ට බාරදෙන ලෙස දන්වමින් බන්ධනාගාරය තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි අද පුවත්පතට වාර්තා වේ.
මෙමදැන්වීම් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සහ රැඳවියන් ගැවසෙන ස්ථාන තුළ ප්‍රදර්ශනය කර ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.
බන්ධනාගාරනිලධාරීන් සිරමැදිරි සෝදිසිකිරීමට පෙර සිරකරුවන් සහ රැඳවියන් සතු ජංගම දුරකථන හා සිම්පත් බාරදෙන පුද්ගලයන්ට සමාව ලබාදෙන බවත්, එලෙස බාර නොදී ජංගම දුරකථන ළඟ තබාගන්නා පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවත් මෙම දැන්වීම් තුළ සඳහන් කර ඇති බවද වාර්තාවේ.
බන්ධනාගාරගත වන සිරකරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් වේ. එවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර සිරමැදිරි සහ සිරකරුවන් සෝදිසිකර ජංගම දුරකථනළඟ තබාගෙන ඇති පුද්ගලයන් පිළිබඳ පියවර ගතයුතුවේ.
එසේ නොවී ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් ලබාදෙන ලෙස දැන්වීම් ඇලවීම විවාදය ලක්වන කරුණක් බවට පත්ව තිබේ.
බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිත කරන සිරකරුවන් සහ රැඳවියන් පිළිබඳ සොයාබලා පියවර ගන්නා බවට මීට පෙර අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබූ අතර, බන්ධනාගාර තුළ දුරකථන භාවිතය වැළැක්වීම අවශ්‍යඋපකරණ සවිකරන ලෙසද යෝජනා ඉදිරිපත්ව තිබිණි.
0 comments :
Post a Comment