' මට වෙඩි තිබ්බත් කමක්‌ නෑ මත් උවදුරින් දරුවන් රකිනවා' - අගරදගුරුතුමන්


මට වෙඩි තැබුවත් මත් උවදුරෙන් දරුවන් රැකගැනීම සඳහා පෙරමුණ ගන්නවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ ප්‍රකාශ කළහ.

අගරදගුරු පියතුමන් මෙලෙස ප්‍රකාශ කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා එතුමා බැහැදැකීමට අගරදගුරු නිවසට පැමිණි අවස්‌ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට මා යෝජනා කළ අවස්‌ථාවේ ඊට දැඩි විරෝධතාවක්‌ මතු වුණා.

එල්ලා මරන්න බැරිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දූපතක හෝ රඳවා තැබිය යුතුයි. බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහයෝගය ලැබෙන නිසා ඔවුන් පාලනය කිරීම අපහසුයි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාට විශාල උනන්දුවක්‌ තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කරන්න මහා සංඝරත්නයේ සහයෝගය ලබාගන්න. කතෝලික සභාවේ සහාය අපි දෙන්නම්. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා මම පෙරමුණ ගන්නම්. මට වෙඩි තිබ්බත් කමක්‌ නෑ. මේ ව්‍යසනයෙන් අපේ දරුවන් ආරක්‍ෂා කර ගත යුතුයි යැයිද අගරදගුරුතුමන් පැවසූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැතිවරයා - තනි සිගරට්‌ටුවක්‌ විකිණීම තහනම් කිරීමට මා යෝජනා කළා. ඒත් මුදල් අමාත්‍යාංශය ඊට බාධා කළා. මත් උවදුර තුරන් කිරීමේ වැඩ පිළිවෙළක්‌ කළුතරින් ආරම්භ කරනවා. කාදිනල්තුමන්ගේ යෝජනාවට මා සම්පූර්ණ සහාය ලබා දෙනවා.යැයි පැවසූහ.

අජිත් අලහකෝන්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget