රාවණා බළකාය , සිංහල රාවය හා සිංහලේ ප්‍රධාන හිමිවරුන්ට වරෙන්තු

පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට
අදාල  පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.
විරෝධතාවක් අතර තුර

රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙන්
 සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව  භික්ෂූන් වහන්සේ සිව් නම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.
 පසුගිය නඩු වාරයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

වරෙන්තු ලැබූ ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමි රාවණා බළකායේ මහලේකම් වන අතර
මාගල්කන්දේ සුදත්ත හිමි  සිංහල රාවය සංවිධානයේ  මහලේකම් වනවා.
 මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිංහලේ ජාතික පෙරමුණේ සභාපති වනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment