මහපොළ අරමුදල මින් පසු ලලිත් ඇතුළත්මුදලි අරමුදල ලෙස වෙනස් වේ


මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට තීරණයක් ගනු ලැබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


මෙම ශිෂ්‍යත්වයේ ඉතිහාසය විශ්වවිද්‍යාල සිසුන් පවා නොදන්නා බවත්, අද වන විට ඉතිහාසය අමතක වී පසුගිය දවසක ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විනාශ කළ බවත් පැවසූ අමාත්‍යවරයා මින් ඉදිරියට සිසුන්ගේ ඔහුගේ නාමය රැදවීමේ අරමුණින් මෙම තීරණය ගනු ලැබූ බවත් පැවසීය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment