මෙලනියාගේ පියාගේ රහස් ලිපිගොනු අනුව ඇමරිකානු පුරවැසිභාවය ගත් හැටි ගැටලුවක්

මරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිය මෙලනියා ට්‍රම්ප්ගේ මව්පියන් ඇමරිකානුවන් බවට පත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් පවතින බව
එරට මාධ්‍ය වාර්තා වලින් හෙළිකර තිබේ.
ද ඩේලි බීස්ට් වෙබ් අඩවිය පළකර තිබෙන වාර්තාවකින් පැවසෙන්නේ මෙලනියා ට්‍රම්ප්ගේ පියා වන 74 හැවිරිදි වික්ටර් ක්නාව්ස්ගේ වර්තමාන පුරවැසිභාවය ඇමරිකානු වුවත් මුල් පුරවැසිකම පවතින්නේ අතීතයේ කොමියුනිස්ට් යුගොස්ලාවියාවට අයත්ව තිබූ වත්මන් ස්ලෝවේනියාවේය.. එම පුරවැසිකම මාරු කිරීම පසුපස ඔහු වංචාවකට හසුවී එයින් බේරීමේ උපායක් සැඟව පවතින බව මෙම වාර්තාව හෙලි කර තිබේ.
1990 ට පෙර කොමියුනිස්ට්

රාජ්‍යයක් ලෙස පැවති යුගොස්ලාවියාවේ යූඩීබීඒ ඩොට් නෙට් නමැති රහස් ලිපිගොනු වල මෙලනියාගේ පියාගේ නම සඳහන් වන බවත් එහි දැක්වෙන විස්තර අනුව එරට දණ්ඩ නීති සංග්‍රහයේ 226 වැනි වගන්තිය ප්‍රකාරව රජයේ අනුදැනුම නැති භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වායාම නිසා ඔහු වරදකරුවෙකුවී ඇති බව සඳහන් කර තිබේ. ඒ අනුව ඔහු එම වරදට අදාළ පරීක්ෂණ පවත්වන අතරතුර ඇමරිකානු පුරවැසිභාවය ලබාගෙන එරටින් පළාගොස් ඇති බවද වාර්තා කර තිබේ.
යම් හෙයකින් ඔහු එම වරදට හසුවූයේ නම් වසර 10 කට වැඩි බරපතල වැඩ සහිත සිරදඩුවමකට යටත්වියයුතු බවද දක්වා තිබේ.
මෙම හෙළිදරව්ව කරන ලේඛකයා වාර්තා කරන්නේ යුගොස්ලාවියාව රටවල් කිහිපයකට බෙදීයාමත් පසුව සිය පරිපාලන තන්ත්‍රය මෙන්ම රටට බලපාන නීති රීති වෙනස් කිරීමත් වසර 30 ක් පැරණි වරදක් සම්බන්ධයෙන් යළි නීතිය ක්‍රියාත්මක කිරීම සංකීර්ණ තත්වයක් බවත්ය.
 කෙසේ වෙතත් මෙම ගැටලුව පිලිබඳ තත්වය නොදැන ඇමරිකාව ඔහුට පුරවැසිකම ලබාදුන්නේ කෙසේද යන්නද එම ලිපියෙන් ප්‍රශ්න කර තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment