ආසියානු කුසලානයට කෝලි නැහැ


ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇති ඉන්දීය සංචිතයට ඉන්දීය නායක විරාත් කෝලි නම් කර නොමැති අතර ඔහුව විවේක ගැන්වීමට කටයුතු කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ඒ අනුව ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා හට පවරා ඇත. තවද ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඉන්දීය තේරීම් කමිටු සභාපති එම්. එස්. කේ. ප්‍රසාද්

පවසන්නේ තරග ආකෘති තුනෙහිම ක්‍රීඩා කරන ක්‍රීඩකයකු වශයෙන්, කෝලි හට ක්‍රීඩා කිරීමට ඇති තරග සංඛ්‍යාව සලකා බලා ඔහුව මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමට පියවර ගත් බවයි.

තවද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී විරාත් කෝලි ක්‍රීඩා කිරීමට නියමිත නිසා ඔහුට ප්‍රමාණවත් විවේකයක් ලබා දීම එහි තවත් අරමුණක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම්. එස්. කේ. ප්‍රසාද් මහතා පවසා ඇත.

නම් කර ඇති ඉන්දීය සංචිතය - රෝහිත් ශර්මා (නායක), ෂිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, අම්බති රයුදු, මනිෂ් පාණ්ඩේ, කේඩර් ජදාව්, එම්. එස්. දෝනි, දිනේෂ් කාර්තික්, හර්දික් පාණ්ඩ්‍යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යාදේව්, යුෂ්වේන්ද්‍ර චහාල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිත් බුම්රා, ෂාදුල් ථාකූර්, කහීල් අහමඩ්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment