දේශප්‍රේමී කප්පිත්තා ගෙවල් බෙදුවේ රටට නෙමේ පරම්පරාවට - සජිත් ප්‍රේමදාස

අම්පාර දිස්ත්‍රික් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙහෙල්උල්ලේ ඉදිකළ "අභිවිරුගම" උදා ගම්මානය ජනතා අයිතියට පත් කළ උත්සවයේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

‘පසුගිය කාලයේ මගේ අමාත්‍යාංශය හොබවපු පුද්ගලයා තමයි අද අපේ රටේ සිටින දේශප්‍රේමී කප්පිත්තා. දේශප්‍රේමී කප්පිත්තා නිවාස බෙදන විට රට ගැන සිතුවේ නැහැ. සිතන්නේ හත්මුතු පරම්පරාව ගැන පමණයි. එය දේශප්‍රේමීත්වය වෙළා ගත් පවුල් ප්‍රේමීත්වයක්. අප රණවිරුවන් පාවා දෙනවා කියා

මොහු හඬ නඟා කියනවා. අද අසා තිබෙනවාද ජාත්‍යන්තරය අපේ රටේ රණවිරුවා දඩයම් කරනවා කියා. කෝ එදා තිබූ විදුලිපුටුව. එදා ආර්ථික බලයක් තිබෙන අය අද අප කොටු කරගෙන සිටිනවා. අසන්නට තිබෙනවාද? ජාත්‍යන්තර යුද අධිකරණ, ජාත්‍යන්තර විනිසුරුවන් ගැන අසන්නට ලැබෙනවාද? ඒ කිසිවක් අද අසන්නට ලැබෙන්නේ නැහැ. එවිට රණවිරුවන් අනතුරේ යැයි පවසන්නේ කෙසේ ද කියා මා අසනවා.

පසුගිය කාලයේ රණවිරුවන්ට කළ අපරාධය බලා ගන්නට අවශ්‍ය නම් අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ ඉදිකළ රණවිරු ගම්මානය වෙත යන්න. මහරජාණන්ගේ කාලයේ එම ගම්මානයේ රණවිරුවන්ට ලබාදුන් ඉඩමෙන් සහ නිවෙසෙන් මුදල් අය කර තිබෙනවා. මෙය ද දේශප්‍රේමීත්වය කියන්නේ. කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වය කියන්නේ එයටයි.‘


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment