රාජපක්ෂ පුත්තු අපිට පැටලිලා : 'රූ දවසේ පත්තර' වරද පෙන්නලා!
'මුදල් විශුද්ධීකරණය : යෝෂිතටත් නඩුවක්.' යනුවෙන් ඊයේ (27) දිනයේ අප පළ කර තිබු පුවතේ යෝෂිත රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් වෙනුවට රෝහිත රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් පළවී තිබුණේ ප්‍රමාද දෝශයකින් බව කරුණාවෙන් සළකන්න.
ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන්ට යම් අපහසුතාවයක් සිදු වී නම් ඒ පිළිබඳව අප කණගාටුව පලකර සිටිමු!
එසේම අදාල ප්‍රමාද දෝශය පෙන්වා දුන් ජාතික රූපවාහිනී සේවයේ 'රූ දවසේ පත්තර' වැඩසටහනට අප විශේෂ ස්තුතිය පිරිනමන්නෙමු!
ඊයේ පළවු පුවත පහතින් කියවන්න
මුදල් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධියට අදාළව නාවික හමුදාවේ හිටපු ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණීය වූ ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපෙදස් සඳහා උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
අයථා මාර්ගයෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපොළ මිලදී ගැනීමට යොදවා ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම විමර්ශන පවත්වා ඇත.
රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 වටිනාකමකින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ නඩුව ඊයේ ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.
0 comments :
Post a Comment