මෙරට සංචාරක කර්මාන්තය විදේශිකයන් අතට?
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ නියැලී සිටින වෘත්තීය රියැදුරන් සහ මඟ පෙන්වන්නන්, එම ව්‍යාපාරය විදේශීකරණයට ලක් වීම සහ අන්තර් ජාල ක්‍රියාකාරකම් නිසා අසීරුවට පත් වී ඇති බව ශ්‍රී ලංකා සංචාරකන් මඟ පෙන්වන්නන්ගේ සහ රියැදුරන්ගේ සංගමයේ සභාපති ධනුෂ්ක රත්නායක මහතා පවසයි .
ඒ මහතා එසේ පැවසූවේ එම සංගමයේ මහා සභා රැස්වීම සහ වාර්ෂික නිලවරණය වෙනුවෙන් කටුනායක නයෝමිස් වෝටර් ප්‍රොන්ට් හෝටලයේ ශ්‍රවණාගාරයේ ඊයේ(26) සවස පැවති සාමාජික හමුවකදීය.
මෙයට ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් එම සංගමයේ ජාතික මඟ පෙන්වන්නන් , ජාතික රියැදුරන් , රියැදුරන් සහ රියැදුරු සහායකවරුන් 200 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනුෂ්ක රත්නායක මහතා මෙසේ පැවසීය.
“විදේශීකයෝ දැන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විවිධ වෘත්තීන් ආක්‍රමණය කරලා. මොවුන් සංචාරක රියැදුරන්, මඟ පෙන්වන්නන් , හෝටල් සහ රෙස්ටුරන්ට් පවත්වාගෙන යන්නන් මෙන්ම, මෙම ව්‍යාපාරයට අවශ්‍ය වෙනත් අත්‍යවශ්‍ය දෑ සපයමින්, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඔවුන් හසුරවමින්, විදේශීය සංචාරකයින් මෙරටට ගෙන එන විදේශ විනිමය යළිත් ඔවුන්ගේ රටට රැගෙන යමින් සිටිති.
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ මෙරට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන් දැන් වැඩි වී තිබෙන අතර, ඔවුන් රැගෙන යන රියැදුරන් සංචාරක හෝටල්වල නවාතැන් දීම සහ ආහාර පාන ලබා දීම ආදිය ප්‍රතික්ෂේප කිරීම නිසා එම රියැදුරන් මහත් අසීරුතාවලට ලක් වී තිබෙනවා.
ඊට අමතරව විශාල මිල ගණන්වලට මිලදී ගත් සුඛෝපභෝගී වාහන මෙම සංචාරක ව්‍යාපාරය තුළට යොමු කර තිබුණත්, දිනකට ඇමෙරිකානු ඩොලර් 30 ක් වැනි සුළු මුදලක් උපයා ගෙන, එම වාහනවල ෆිනෑන්ස් ගෙවීමට මෙන්ම තම පවුල් නඩත්තුවත් ඉතා දුෂ්කර කටයුත්තක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය .
එමෙන්ම අනුරාධපුරයේ කොරවක් පර්තයේ , පොළොන්නරුවේ ගල් පොත ආදී වටිනා පුරා වස්තු මේ වනවිට විනාශ වෙමින් පවතින බවත් , මේවා රැක ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට පෙන්වා දීම ද අපගේ අනාගත වෘත්තීය ජීවිතය රැක ගැනීමේදී සිදු කළ යුතු කටයුත්තක් බවද පැවසීය.
එමෙන්ම සීගිරිය පර්වතයේ මත සිට රාත්‍රීයේ හිරු බැස යාම නරඹන සංචාරකයන්ට, යළි ආපසු බැසීමට සිදු වී ඇත්තේ විදුලි ආලෝකය නොමැති නිසා විදුලි පන්දම් හෝ ඉටි පන්දම් එළියෙන් වීම විදේශීය සංචාරකයන් අප රට පිළිබඳව අයහපත් ආකල්ප ඇති කර ගැනීමට හේතු විය හැකි බවද පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සහ රජයේ ඉහළ පෙළේ නායකයින් හමුවී මෙම ගැටලු මුල් කර ගත් යෝජනාවලියක් ද ඉදිරිපත් කළේය.
එනම් රියැදුරු නවාතැන් ගැටලුව, ප්‍රවාහනය සඳහා කාලීන වශයෙන් සාධාරණ මිලක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ විදේශීය මැදිහත් වීම ඉවත් කිරීම සහ රියැදුරන් සහ සංචාරක මඟ පෙන්වන්නන් සඳහා පවතින අවස්ථාවන්ට වඩා බලපත්‍ර ලබා ගැනීම එම ඉල්ලීම් වෙයි.
0 comments :
Post a Comment