රත්නපුර නගර සංවර්ධනයට රුපියල් බිලියන 15 ක ආයෝජනයක්.

රත්නපුර නගර සංවර්ධනයට රුපියල් බිලියන 15 ක ආයෝජනයක් වෙන්කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ රත්නපුර ප‍්‍රමුඛ සමස්ථ රටෙහි භෞතික සැලසුම පිළිබඳව රත්නපුර දිස්ත‍්‍රික්කයේ විද්වතුන්, මාධ්‍යවේදීන් හා රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ මෙගා මයින්ඞ් වැඩසටහනට සහභාගී වෙමිනි. එය රත්නපුර නව නගරයේ සීවලී ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පසුගියදා (15) පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි කොළඹින් පිටත උපාය මාර්ගික ලෙස දියුණු කළ යුතු නගර ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. එයින් එකක් තමයි රත්නපුර නගරය දැනට මේ නගරයේ ප‍්‍රවාහන සහ ගංවතුර පාලනය සඳහා අපි ආණ්ඩුවේ, ERD  නමින් හඳුන්වන External Resource Department  හරහා විදේශ ආධාර අපි බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඒ අනුව අපට සතුටු දායක ප‍්‍රතිපල ඒ සඳහා ලැබිලා තිබෙනවා. ඒ අනුව අපට ඩොලර් මිලියන 60 ක පමණ ආධාරයක් ඒ සඳහා ලැබීමට නියමිතයි. මම හිතන්නේ එය රත්නපුර ඉතිහාසයේ විශාල ආධාරයක්. ඒ සඳහා ලංකා රජයත් දායක වෙනවා. ඒ අනුව අපි හිතනවා අපට බිලියන 15 ක පමණ වැඩකොටසක් රත්නපුර නගරයට සිද්ධ කරන්න පුළුවන් කියලා.



දැනට මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය නගරවල මේ කටයුතු කරගෙන යනවා ඉදිරියේදී කුරුණෑගල, රත්නපුර, මාතර සහ අනෙකුත් නගරවල මෙය කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි ප‍්‍රධාන වශයෙන්ම මේ රුවන්පුරය කියලා හඳුනාගත්තේ මෙහි තිබෙන මැණික් සම්පත නිසයි. ඒ වගේම ඓතිහාසිකව ගතහොත් අපේ මේ ප‍්‍රදේශය විශේෂයෙන්ම ශ‍්‍රී පාදස්ථානය නිසාත්, සබරගමුව නමැති විශේෂ සම්ප‍්‍රදායක්, සංස්කෘතියක් ඉතිහාසයේ ගොඩනැගිලා තිබෙන නිසාත් අපට මේ ප‍්‍රදේශය ඓතිහාසිකව ඉතාමත් වැදගත් පෘතුගීසීන්ගේ ආගමනය ඒ වගේම ලන්දේසීන්ගේ අගමනය ඒ වගේම ඉංග‍්‍රීසින්ගේ ආගමනය සිදු වුණා. ඒ ආගමන හැම එකකින්ම තමන්ගේ අනන්‍යතාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා අපේ සබරගමු ජනතාව වීරෝධාර ලෙස නැගී සිට තමන්ගේ අනන්‍යතවය පසක් කර ගත් බව අපි අභිමානයෙන් මතක් කළ යුතුයි. ඒ වගේම මේ ලෝකයේ ප‍්‍රධාන ඉතිහාසය පහුගිය සියවස් 6 ක පමණ කාලයේ චීනයේ සිට අරාබියට සේද මාවතේ ව්‍යාපාර කටයුතු සිදු කෙරෙන කොට ප‍්‍රධාන වශයෙන්ම තිබූ එක් වෙළඳ නගරයක් තමයි කළුතර දිස්ත‍්‍රික්කයේ බේරුවල. බේරුවල නගරයත් සමග ගොඩනැගුණු රයිගම් රාජධානිය වැදගත් වූ එක් ප‍්‍රධාන හේතුවක් තමයි මේ රත්නපුරයෙන් ලැබූණු මැණික් සම්පත. යුරෝපයේ රටවල්වලට ගියත්, ලෝකයේ වෙනත් රටවල්වලට ගියත් අපට පෙනෙනවා සෑම රාජධානියකම, සෑම රජකෙනෙක්ගෙම ඔටුන්නේ රත්නපුරයෙන් ගිය නිල් මැණිකක් රැඳවිලා තිබෙන බව අපි අමතක කළ යුතු නැහැ. මෙම චෙක් රාජධානියට, ඩෙන්මාර්කය, බි‍්‍රතාන්‍යය ආදී හැම රටකම ගිය වෙලාවේ රජවරුන්ගේ, රැජිනියන්ගේ ඔටුන්නේ මේ රත්නපුරේ මැණිකක් අනිවාර්යයෙන්ම රැඳිලා තිබෙනවා. එය ඉතිහාසය පුරාම අභිමානයෙන් අපට මතක් කර ගන්න පුළුවන් දෙයක්.

ඒ අනුව නැවත වතාවක් අතීතයේ මෙන් ගෝලීය ආර්ථිකයත් සමග එකට එකතු වී විශේෂයෙන්ම අපේ ප‍්‍රදේශයේ අනන්‍යතාවය ආරක්‍ෂා කිරීමට ජීවිත පූජාවෙන් කටයුතු කරපු අපේ ඒ වීරෝධාර පිරිස් සමග ඒ අයගේ අභිමානයත් සමග මේ නගර නැවත වතාවක් විධිමත්, අභිමානවත් නගරයක් බවට අපි ගොඩනැගිය යුතුයි. අපි බොහොම සතුටින් ප‍්‍රකාශ කරන්න  ඕනේ පසුගිය කාලයේ සාමාන්‍ය පෙළ විභාග, උසස් පෙළ විභාග ආදියෙන් අධ්‍යාපනයේ ප‍්‍රමුඛ නගරයක් බවට අපේ නගරය පරිවර්ථනය වෙලා තිබෙනවා. අපි ඒ ගැන ආඩම්බර විය යුතුයි. දැනුම උත්පාදනය කරන ආර්ථිකයකට රත්නපුර විශාල ශක්තියක් යැයි පැවසීය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment