2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ.


ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ජනතා අදහස් ලබා ගැනීම දැන් ආරම්භ කර ඇති අතර ඊට යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

වෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ නියැලි පුද්ගලයන්ට සහ මහජනතාවට මේ සඳහා තව දුරටත් යෝජනා අදහස් ලබා දිය හැකි ය. 

මෙම යෝජනා පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට ඔක්තෝබර් මස 12 වැනි දින හෝ එදිනට පෙර යොමු කළ යුතු ය. 

අධ්‍යක්ෂ ජනරාල්, 
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
මහ ලේකම් කාර්යාලය, කොළඹ - 01

විද්‍යුත් තැපෑල - prasangika.hg@tipd.treasury.gov.lk

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment