අගමැති රනිල්ට රථ ගාය නෑ!
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ගෙන නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රාජ්‍ය සේවකයින් 8000ක් එම වාහන බලපත්‍ර ලබාගෙන තිබෙන බවත්, තවත් රාජ්‍ය සේවකයින් 7500ක් ඒ සඳහා ඉල්ලුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් තීරුබදු රහිත වාහන බලපත්‍ර 228ක් නිකුත් කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිවරයා වශයෙන් තමන් මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය.

0 comments :
Post a Comment