5 ශිෂ්‍යත්වෙ ඉදිරියේ නවත්තනවා - සා/පෙළ හා උ/පෙළ විභාග දෙසැම්බරයේ

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ 134 වන ගුණ සමරුව වෙනුවෙන් තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.
කමිටුවක් මගින් මෙම විභාග වෙනස ගැන අධ්‍යයනය කරන බවත් ඒ අනුව විභාග ප්‍රතිඵල එකම කාලයක දිය හැකි බවත් ඔහු කියා සිටියේය. ඒ අතුරම ඉදිරියේදී 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට විකල්පයක් පිළිබඳ සලකා බලන බවද ඔහු කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment