සිව් හැවිරිදි මිණිබිරියට අතවර කළ 72 හැවිරිදි මුත්තා රිමාන්ඩ්

තම මිණිබිරියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු මෙම මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් කේ.ඒ.ආර්. නදීශානි මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ

දඹුළුපුර තඹුත්තේගම පදිංචි වෘත්තියෙන් පෙදරේරුවකු වන 72 හැවිරිදි දැරියගේ මුත්තනුවන්ය.

අතවරයට ලක්වූ දැරිය අවුරුදු හතරයි මාස 4 ක් වන අතර මේවන විට ඇය පූර්ව ළමාවිය මධ්‍යස්ථානයක අධ්‍යාපනය ලබයි.

දැරිය විසින් මෙම සිද්ධිය පූර්ව ළමාවිය මධ්‍යස්ථානයේ පාලිකාවට දැන්වීමෙන් පසු ඇය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරියා වෙත දන්වා ඇත. එම නිලධාරිනිය මෙම සිද්ධිය තඹුත්තේගම පොලිසිය වෙත දන්වා තිබේ.

එම දැන්වීමට අනුව තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා. උ. පො. ප. ඉෂාරා හේරත් මහත්මිය ඇතුළු කණ්ඩායමක් එහි ගොස් දැරිය හා සැකකරු පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

-තලාව වසන්ත බණ්ඩාර කළුආරච්චි-එප්පාවල රත්න බී. ඒකනායක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment