අඩෝ එෆ්සීඅයිඩියට මං කියන්නේ උඹලට මං නඩු දානව එතකොට රනිල්වත් අනුරවත් නෑ උඹලා තනිවෙනවා - ජොන්ස්ටන්

https://www.gossiplankanews.com/2018/10/johnston-after-release-speech.html#more
යේ සතොස මිලියන 38 මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අධිකරණය දුන් නඩු  තීන්දුව ප්‍රකාරව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්විය. ආධාර කරුවන්ගේ ්‍රපීති ඝෝෂා මැද අධිකරණයෙන් එලියට ආ මන්ත්‍රී ජොන්ස්ටන් එම අවස්තාවේ මාධ්‍ය අමතා
මෙසේ කියා තිබේ.

‘මෙම අවස්තාවේ මං වෙනුවෙන් ක්‍රියා කළ මන්ත්‍රීවරුන්ට සහ ආදරණිය ජනතාවටත් මහා සංඝරත්නයටත් අනික් පූජක තුමන්ටත් ස්තූතිවන්ත වෙනවා. අධිකරණයට විශේෂයෙන්ම අපි ගෞරවය පුද කරනවා.
එෆිසීඅයිඩීයට විතරක් නෙමේ මේකට සම්බන්ධ සියලුම නිලධාරීන්ට මං උසාවියට ගිහින් නඩු දානවා. ඒකට හේතුව මෙවන් ඉරණමක් වෙන කාටවත් අත්වෙන්න හොඳ නෑ.
පළවෙනියෙන් දවස් 30 ක් මාව හිරේට දැම්මා. ඊට පස්සෙ දවස් 44 ක් මාව හිර කූඩුවට ඇරියා. ඒ ඇරියා විතරක් නෙමේ ඒ දුන් පීඩනය සහ ජනතාවටත් මගෙ පවුලෙ අයටත් මන්ත්‍රීවරුන්ටත් ඒ දුන්න පීඩනය මං හිතන්නෙ ඒව අපිට අමතක කරන්න බැරි දේවල්.
 එෆ්සීඅයිඩීයට  මං කියනවා ඕගොල්ලො තනිවෙනවා. ඕගොල්ල කරන මේ අපරාධයට අහුවුනාම රනිල් වික්‍රමසිංහවත් අනුර කුමාරවත් එන් නෑ කියන එකත් පැහැදිලිවම මං කියනවා.‘

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
එෆ්සී අයිඩීය බොරු චෝදනා කළ බව අධිකරණය පිළිගනී ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment