රෙන්ට් අ-කාර් ඉස්සීමයි රට රස්සා වංචාවයි දෙකම එකට කරපු හොරෙක්


කුලී පදනම මත වාහන ලබා ගෙන විදේශ රැකියා දෙන බව කියමින් රුපියල් කෝටි හතරක වටිනා වාහන හා රුපියල් කෝටි දෙකක් වටිනා මුදල් වංචා කර සැඟවී සිටි තිදරු පියෙකු පානදුර පින්වන්ත ප‍්‍රදේශයේදී පෙරේදා 10 වැනීදා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැස්වීමේ ඒකකය කියයි.
සැකකරු එලෙස ලබා ගෙන තිබූ සුඛෝපභෝගී මෝටර් රථ හතරක් හා ජීප් දෙකක් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

පානදුර, පීන්වත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකු කුලී පදනම මත ලබා ගත් වාහන පිළිබඳ හෝ එම පුද්ගලයා සම්බන්ධයෙන් මාස කිහිපයක සිට කිසිදු තොරතුරක් නොමැති බව පවසමින් වාහන කුලී පදනම මත ලබාදන ආයතන කිහිපයක හිමිකරුවන් පානදුර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාට පැමිණෙලි කර තිබූ බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක අසංක රාජකරුණා මහතා පැවැසීය.
මේ පිළිබඳව පැමිණිලිකරුවන් ගෙන් කළ තොරතුරු විමසීමේදී මෙම වංචාව සිදුකර ඇත්තේ එකම පුද්ගලයකු බවට හෙලි කර ගත් එම ඒකකයේ

නිලධාරින් ඔහු පදිංචි පානදුර පිංවත්ත නිවෙස වටලා බිරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ඉඳහිට නිවෙසට පැමිණෙන බවත් ඉන්න තැනක් නොදන්නා බවත් ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුගේ දුරකතනයෙන්ද හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව සිටියදී සැකකරු පෙරේදා (10) ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණි බවට පොලිස් සැරයන් 55202 වීරසේන හා පොලිස් කොස්තාපල් 69315 ජයසුරිය මහත්වරුන්ට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් පිංවත්තේ සැකකරුගේ නිවෙස වටකර ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කුලී, පදනමට ලබා ගත් වාහන හයෙන් හතරක් ලබා දී ඇත්තේ වත්තල, එඩේරමුල්ල කැලණිය හා මාකොළ ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට බවත් ඒවා ඔවුනට ලබා දුන්නේ විදේශ ගත කරන බවට පොරොන්දු වී ලබා ගත් මුදල්වලට හිලව් වීමට බව කළ ප්‍රකාශයත් සමග ඔහු රට රැකියා පෙන්වා මුදල් වංචා කළ ජාවාරම හෙළිවූ බව පොලිසිය කියයි. ඒ අනුව දිවයිනේ නොයෙක් ප්‍රදේශවල දොළොස් දෙනෙකුගේ පැමිණිලි මේ වන විට පොලිසියට ලැබි ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය ඒ අතර වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයකු වන බව පොලිසිය කියයි.
ඔහු ඒ ආකාරයෙන් ඩුබායි රටේ රැකියා සඳහා යවන බව පවසා සංචාරක වීසා මගින් එරටට යවා අතරමං කර දැමු අවස්ථාද එම පැමිණිලි අතරින් හමු වූ බව පොලිසිය කියයි.
සිදුකළ වංචා හේතුවෙන් පානදුර පිංවත්ත ප්‍රදේශය මගහැර ඈත පළාත්වල කුඩා හෝටල් කාමරවල ගත කිරිමට සැකකරු ක්‍රියාකර, ඇති බව පොලිසිය කියයි.
42 වියේ පසුවන සැකකරු තිදරු පියෙකු වන අතර ඔහු 11 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment