අම්මත් කියනවා මට දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා - සුජීව


අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක්‌ සඳහා ආයෝජන මණ්‌ඩල අනුමැතිය ලබාදීමට සීයට දහයක කොමිස්‌ මුදලක්‌ ඉල්ලූ බවට තමාට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා 17දා ආයෝජන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.‍
‘මේ මාධ්‍ය හමුවේ අඬනවාද, හිනාවෙනවාද කියල හිතෙනවා. අපේ රටට ට්‍රේන්, බස්‌ කියලා ව්‍යාපෘති එනවා
මේවාට එකවර අනුමැතිය දීමට බැහැ.

කාටහරි ව්‍යාපෘතියකට අනුමැතිය නොලැබී ගියහොත් මාධ්‍ය ගෙන්වලා මාධ්‍ය හමු පවත්වනවා. මාධ්‍යත් සොයා බැලීමක්‌ නැහැ මේවා ප්‍රචාරය කරනව.
මට තියෙන දුක මෙවැනි වංචාකාරී ඕනෑම පුද්ගලයකුට මාධ්‍ය හමුවක්‌ පවත්වා ඕනෑම අයකුට මඩ ගහන්න තියෙන අයිතිය රටේ පැවතීමයි. මට බොරු චෝදනා කරලා කීර්ති නාමය නැති කරලා. මේ සිද්ධියෙන් මගේ අම්මා මානසික පීඩනයට පත්වෙලා. මට රටේ දේශපාලනය කරනවාද නැද්ද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ. අම්මා නම් කියන්නේ ඉවත්වෙන්න කියලා.
මේ දුම්රිය ව්‍යාපෘතියට ආයෝජන මණ්‌ඩලයේ මූලික ඇගයීම් කමිටුවකින් තමයි අනුමැතියට යවන්නේ. ඊළඟට එය තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුවට ඉදිරිපත් කිරීමට නිර්දේශ කරනවා. එහිදී මේ ආයතනය 2017 මාර්තු 21 වැනිදා ඉදිරිපත් කළ අයදුම්පතට අදාළව අනුමැතිය ලබාදීමට ආයෝජන මණ්‌ඩලය අවශ්‍ය කරන වාර්තා මේ ආයතනයෙන් අවස්‌ථා තුනකදී ඉල්ලා තියෙනවා. එය ලබා නොදීම නිසා ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ඇමැති මලික්‌ සමරවික්‍රම, මම, ආයෝජන මණ්‌ඩලයේ ඉහළ නිලධාරීන් ව්‍යාපෘතිය රටට ගේන්න අල්ලස්‌ ඉල්ලන කතාවක්‌ ගියා. මම මේ ලංකාවේ පුද්ගලයෝ කවුද කියලා හොයලා බැලුවා. මට ජාඇල ප්‍රදේශයෙන් මේ පුද්ගලයෝ ගැන තොරතුරු ලැබුණා.
වැඩේ හරි නොගිය නිසා ව්‍යාපෘති සඳහා ආයෝජන මණ්‌ඩල අනුමැතිය ලබාදීමට සීයට දහයක කොමිස්‌ මුදලක්‌ ඉල්ලූ කතා ගෙතුවෙ ඔවුන්.

-චමින්ද සිල්වා-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment