කවිංගා අදත් අධිකරණය මගහරී - දිගටම රිමාන්ඩ්


පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී බීමත්ව රිය පදවා පොලිස් නිලධාරියෙකු මරණයට පත් කර
පවුලේ අයට තුවාල සිදු කළ

විශේෂඥ වෛද්‍ය කවිංගා ගුණවර්ධනට ඇවිදීමේ අපහසුතාවය ඇති බව කියමින් දෙවන වරටත් අධිකරණයට අද පැමිණියේ නැත.
සුළු තුවාල සිදුවී ඇති බවට වාර්තා පළවූ ඇයව අනතුර සිදුවී දින 22 ක් ගතවීත් කළුබෝවිල රෝහලේ දිගටම රඳවා ගැනීමට වෛද්‍ය වාර්තා උපයෝගී කරගෙන තිබෙන අතර අද අධිකරණයට සිව්වැනි සැකසහිත වෛදය වාර්තාව ඉදිරිපත් කරමින් ඇයට තවම ඇවිදින්නට අපහසු බව දක්වා තිබුනි.
බන්ධනාගාරයට නොයවා රෝහලේම රැඳී සිටීමටද ඇය මෙම වාර්තා උපයෝගී කරගෙන සිටී. පසුගිය 9 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.
එම සැකකාර වෛද්‍යවරිය මේ වනවිටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment