සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය එක්ව 2015 පිහිටවූ ආණ්ඩුවෙන් සන්ධානය ඊයේ (26) සවස ඉවත් වී ඇත.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
‘‘තාමත් අගමැති මම‘‘ - රනිල් වික්‍රමසිංහ
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තවමත් මේ රටේ අගමැති වරයා තමා බවත්, පාර්ලිමේන්තුව බහුතරය තිබෙන්නේ තමාට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ අරලියගහමන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
‘‘ මම ඔබ අමතන්නේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති මමයි. මම තනතුරේ ඉන්නවා. ව්‍යවස්ථාව අනුව කවරුත් පත් කරන්න බෑ. විශ්වාස භංගය වෙලාවේ මම බහුතරය පෙන්නුවා. බහුතරයක් තියෙනවා කියලා කවුරුන් හෝ කියනවා නම් ඔහු පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්විය යුතුයි. සම්ප්රදාය එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාත් වගකිව යුතුයි. මෙය පාර්ලිමේන්තුවේදී විසඳාගත යුතු ප්‍රශ්නයක්. මට කවුරුත් එක්ක වැඩ කරන්න ප්‍රශ්නයක් තිබුණේ නෑ. මම අගමැති ලෙස වැඩ කරගෙන යනවා.‘‘
අනපේක්ෂිත දේශපාලන වාතාවරණය පිළිබද දැඩි අවධානයට - කථානායක
උද්ගත වූ අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව කතානායකවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඔහුගේ දැඩි අවධානය ඊට යොමුව ඇති බවද, ලබන සතිය තුළ ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදු කරන බවද එම නිල නිවේදනයේ සඳහන් වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment