නාලක ද සිල්වාගේ වැඩ තහනම්


 ජනාධිපතිවරයාගේ  සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා එල්වූ  නියෝජ්‍ය
පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩතහනම්  කිරීමට රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය  පිළිබඳ  අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (17)  ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  දැනටමත්  පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේ තොරතුරු අනුව  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
 නාලක ද සිල්වා මහතාට ඝාතන චෝදනා එල්ල වු  මොහොතේම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යවරයා  මීට පෙර ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ  කර තිබුණ නමුත් පොලිස්පති පූජිත් ඔහු වෙනත් අංශයකට මාරු කර යැවීම පමණක් කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment