විග්නේෂ්වරන් උතුරේ ආයතන පුවරු දෙමළ මුලට දාලා සිංහල වචන අවුල් ගිහින්

https://www.gossiplankanews.com/2018/10/vigneshwaran-sinhala-change.html#more
තුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේෂ්වරන්ගේ යෝජනාවකට අනුව මේ වනවිට උතුරේ සියලුම රජයේ ආයතනවල හා පාරවල් වල පුවරු
සිංහල දෙමළ ඉංග්‍රීසි පිළිවෙළ වෙනුවට දෙමළ සිංහල ඉංග්‍රීසි ලෙස වෙනස් කරමින් පවතී. එය එලෙස යෙදීම සම්බන්ධයෙන් විවාදයක් මතුව ඇතත් බහුතර දෙමළ ජනතාවක් සිටින ප්‍රදේශයක ප්‍රායෝගිකව එහි වැදගත්කමක් තිබිය හැකි වුවද මෙම නාම කරනයේ විකෘති සහගත තත්වයන් නිර්මාණය වී තිබීම ගැටලුකාරීය.

එයට හේතුවී ඇත්තේ ආයතන නාම දෙමලින් සටහන් තබා ඇති අය එයට උචිත සිංහල නම යොදා ඇත්තේ දෙමළ පරිවර්තනයක් ලෙස වන අතර ඇතැම් නම් විසුළු සහගත ලෙස අර්ථ විකෘතියට ලක්ව ඇත.
 මේ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව හඳුන්වා ඇත් ජාතික ඉදුරුම් බැංකුව ලෙසය. ලංකා විදුලිබල මණ්ඩලය සිලෝන් විදුලි බල මණ්ඩලය ලෙසත් මොන්දිලිලම් පාර මොන්දිපුලල පාරලෙසද, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව චර්ස්තාත් පරිපාලන දෙපාර්තමේන්තුව ලෙසද වනජීවී දෙපාර්තමේන්තුව ඩිල්ගේ ජීවිත සංරක්ෂණ පිළිබඳ දෙපාර්තමේන්තුව වශයෙන්ද නම් කර ඇත.
 මේ දිනවල උතුරේ බොහෝ ස්ථානවල ග්‍රාම නාම හා ස්ථානීය නාම දැක්වෙන නම් පුවරු සවිකිරීම දැන් ආරම්භ කර ඇති අතර එම නාම පුවරු සකස් කිරිම දෙමළ නිලධාරින් විසින් සිදුකරන හෙයින් ඔවුන්ට සිංහල දැනීමක් නොමැතිවිමෙන් මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතවී ඇත.
යාපනයේ සිංහල ජනතාව මෙම නම් විකෘතතාවය ගැන කණගාටුව පළ කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment