පොලිස්පතිගේ ස්කොට්ලන්ත සංචාරය, ඇමති අත්හිටුවයි.


පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ  ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්  ස්කොට්ලන්යාඩ් පොලිසියේ  පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි‍්‍රතාන්‍ය බලා යාමට සිටි පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියමයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.

මෙම ගමන සදහා  රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියපෙරුම , පොලිස්පති පුජිත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි  වීමට නියමිතව තිබුණි.

මෙම වැඩමුළුව අද(1) දින සිට (7) වැනි දින දක්වා  ස්කොට්ලන්යාඩි බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 120 ක මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අමාත්‍යාංශයේ ති‍්‍රපුද්ගල කමිටුවක් හරහා සිදුකරන පරීකෂණය සහ පොලිස්පතිවරයා සහ පොලිසිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ඇති මතවාද  සැලකිල්ලට ගෙන  අගමැතිවරයා මෙම ගමන අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද  අමාත්‍යාංශයේ උසස්  නිලධාරියෙක් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment