රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි.
ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි.
මියයනවිට ඔහු 65 වන වියේ පසු විය.
ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ සහභාගී වී අද (01) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිට ඇති බව ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් මහතා ප්‍රකාශ කළේය.
0 comments :
Post a Comment