හුම්මානයට යන මාර්ගය හේම නලින් මාවත ලෙස නම් කිරීමට සූදානම්


කුඩාවැල්ලේ සිට හුම්මානයට යන මාර්ගය හේම නලින් කරුණාරත්න මාවත ලෙස නම් කිරීම සුදුසු බව
හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ලේකම්

එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දිනක එම ප්‍රදේශයේ සංචාරයකට එක්‌වෙමින් ජනතාව සමග එම ප්‍රදේශයේ ගැටලු පිළිබඳව කළ සාකච්ඡාවකදීය.

හුම්මානය පිළිබඳ ජාතික රූපවාහිනියේ 9.05 වැඩසටහන තුළින් පළමුව ජනතාව දැනුවත් කිරීම රටට සහ ලෝකයට ගෙන ගියේ හේම නලින් කරුණාරත්න මහතාය. අද වනවිට විශාල පිරිසක්‌ මෙය නැරඹීමට පැමිණෙන අතර ඒ තුළින් සෘජු සහ වක්‍ර රැකියා රාශියක්‌ නිර්මාණය වී ඇත.

තංගල්ල ප්‍රාදේශීය සභාවටද හුම්මානය නිසා මසකට රුපියල් ලක්‌ෂ 11 කට වැඩි ආදායමක්‌ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. මෙම මාර්ගය හේම නලින් කරුණාරත්න මාවත ලෙස නම් කිරීමට තමන් සහාය දෙන බවත් මෙහිදී පැමිණි ජනතාව දිස්‌ත්‍රික්‌ ලේකම්තුමා සමඟ පැවසීය. මෙම අවස්‌ථාව සඳහා තංගල්ල ප්‍රාදේශීය ලේකම් එන්. ඩබ්ලිව්. යාපා මහතා ඇතුළු පිරිසක්‌ එක්‌ වූහ.

 - ජනක ප්‍රසාද් අපරැක්‌ක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment