බබාට අසනීපයි කියා ඩීඅයිජී නාලක උසාවිය මගහරී

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (16)දාන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බැවින් හෙට (18) දිනයේදී නැවත පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි වාරිතා වේ.

දූෂණ විරෝධී බළකායේ

මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා විසින් සිදු කරන ලද පැමිණිලිවලට අනුව ප්‍රකාශයක්  ලබාදීම සඳහා ඊයේ (16)දා උදෑසන 9.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම්දී තිබිණි.

එහෙත් තම දරුවෙකු අසනීප වී තිබෙන බවට අපරාධ පරිෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (16දා) දිනයේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොතිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිමේ කුමන්ත්‍රණයක් පිළිබඳ නාමල් කුමාර මහතා විසින් හෙළිදරව් කරනු ලැබූ අතර, ඊට අදාළ හඬපට කිහිපයක්ද හෙතෙම ප්‍රසිද්ධියට පත් කළේය.

එම ප්‍රකාශ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් සිදු කරන ලද බවට නාමල් කුමාර මහතා පොලීසියට පැමිණිලි කර තිබිණි. මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment