සුජීවගේ වැඩ බලන්න : පොලිසිය BOI ගිහින්.

රට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ අධිවේගී  විදුලි දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධව විමර්ශන අරඹා ඇති විශේෂ පොලිස් කණ්ඩායමක්  ඊයේ (16) පස්වරුවේ හදිසියේම ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණ එහි ලිපි ගොනු පරීක්ෂාකර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙසේ පැමිණ තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකි. එහිදී විමර්ශන කණ්ඩායමේ විශේෂ අවධානයට යොමුව ඇත්තේ අදාළ ව්‍යාපෘතියෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ  10%ක අල්ලසක් ඉල්ලු කරුණට අදාළ ලිපිගොණුය.

විමර්ශන කණ්ඩායම ආයෝජන මණ්ඩලයට පැමිණීමත් සමඟ එහි කාර්යයේ නියුතු නිලධාරීන් ඒ බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ දැනුවත් කර ඇති බවද දැනගන්නට ඇත.

පසුව රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (16) රාත්‍රියේම පැවැත්වීමට සූදානම්වී ඒ සඳහා සහභාගී වන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකුටද දන්වා ඇති බවත් වාර්තා වෙයි. නමුත් එම නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා  නොමැතිව ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

පසුව අමාත්‍යවරයාගේ බලකිරීම මත නිලධාරීන් කිහිපදෙනෙකු අදාළ මාධ්‍ය හමුවට පැමිණීමට එකඟව ඇතත් එහිදී සහභාගීවීම හැර කිසිඳු ප්‍රකාශයක් සිදුකිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත. පසුව රාජ්‍ය අමාත්‍යවරයා එම මාධ්‍ය හමුව පැවැත්වීමේ උත්සාහය අත්හැර දැමු බවද වාර්තා වෙයි.

එසේම  මේ වන විට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විදෙස්ගතව සිටියි. 

චෝදනා වල  වගකීම : ජනාධිපති සහ අගමැතිට 

මේ අතර තමන් ඇතුලූ අමාත්‍යවරුන්ට පදනම් විරහිතව අල්ලස් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසා සිටියි. 

ඊයේ (16) කොළඹ පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයින් සඳහා දඩුවම් කිරීමට මෙරට කිසිදු ආයතනයකට නීතිමය බලයක් නොමැති බවය. 

එසේම තමන්ට අභූත චෝදනා එල්ලකරන මාධ්‍ය සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් තම නීතිඥයන් සමඟ සාකච්ඡා කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියි.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment