TNA TPA SLMC JHU ACMU සහාය රනිල්ට.


දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු බහුතරය මටයි

තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(27) දහවල් කොළඹ දී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සියලු දෙනා එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි සහයෝගයක් ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවත්, එම සහයෝගය තමාට ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තමාට එරෙහිව ගෙන එන ලැබූ විශ්වාසභංගයේ දී එය පරාජයට පත් කිරීමෙන් ඒ බව මනාව තහවුරු වන බව ද සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පෙරමුණේ සම්පූර්ණ සහයෝගය තමාට හිමි වු බව ද කියා සිටියේය.

ඒ නිසා රට තුළ අර්බුදයක් ඇති නොකර වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත්, ඒ තුළින් නිවැරදි තීරණයකට එළඹිය හැකි බවත්, වික්‍රමසිංහ මහතා පවසයි.


කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ බහුතර කැමැත්ත තමා සතු වන බව ඔහු දිගින් දිගටම කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment